කිලෝ ගණනින් හමුවෙන මත්කුඩු
- 1 10 2026
- 04:45
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 842 ක් පොලිස් භාරයට - බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසය.
2026.09.26 දින බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත එදිනම යායවත්ත, පලපොත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 842 ක් සොයා ගෙන තංගල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
ඉහත නිවසේ හිමිකරු නීතිඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්ව ඇති අතර වැටලීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය හා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට - පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුර.
2026.09.30 දින දහවල් වැල්ලම්පිටිය පොලිස් වසමේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 14 ක් හා හෙරොයින් ග්‍රෑම් 14 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.සැකකරු අවුරුදු 30 ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කොකේන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට - කොළඹ දිසා අපරාධ කොට්ඨාසය.
2026.09.30 දින සවස කුරුඳුවත්ත පොලිස් වසමේ ටොරින්ටන් මාවත ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 08 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු අවුරුදු 23 ක් වන කොළඹ 07 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
