කිලිනොච්චි හා මුලතිව් දිසාපතිවරුන්ට මහින්දගෙන් ඇමතුමක්
උතුරට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් විමසා සිටි බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.
එසේම විපතට පත් ජනතාව වෙනුවේන් අවශ්‍ය සහන ලබාදීමේදී තම පූර්ණ සහාය ලබාදෙන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි ප්‍රකාශ කළ බව විපක්ෂනායක ට්විටරි ගිණුම නිවේදනය කරයි.
Leader of the Opposition @PresRajapaksa today spoke with the GA’s of Mullaitivu & Kilinochchi and inquired into the current situation in the North. Assured his full support in assisting the affected people in the region. #lka #NorthernFloods #FloodSL
— Office of MR (@OfficeofMR) December 24, 2018
popular news
-
Champa Tuesday, 25 December 2018 05:13 AM
Thank you!!!!. රටේ නායකයා, තුන්සිය හැටපස් දවසෙම සැප විඳින තමන්ගේ පවුලේ අයත් එක්ක නත්තල් සහ අලුත් අවුරුද්ද ගත කරන්න පෞද්ගලික විදේශ චාරිකාවක ගිහින් ඉන්න වෙලාවේ, හිටපු ජනාධිපතිවරයෙක් විදිහට සහ විපක්ෂ නායකයා විදිහට ඔබ ගංවතුරෙන් සහ වැස්සෙන් අයසට පත් වෙලා ඉන්න උතුරේ අසරණ මිනිස්සුන්ගේ දුක සැප ගැන හොයල බලන එක ගැන ආඩම්බර වෙනවා. කොහොමත් ඔබේ හදවත මිනිස්සු ගැන උණු වෙනවා. ගිය පාර දකුණට ගංවතුර ගලපු වෙලාවේ සම්පන්තන් සහ තව කිහිප දෙනෙක් රත්නපුරේට ගංවතුර ආධාර අරන් ආව. මට මතක හැටියට ඒවා බාර ගත්තේ ජෝන් සෙනෙවිරත්න. තව යාපනේ ශිෂ්‍යයොත් ආධාර අරන් ආව. රිෂාඩ් බතුයුදීනුත් ආධාර අරන් ආව. උතරේ මිනිස්සු අවතැන් වෙලා ඉන්න වෙලාවේ අපිත් අපේ හොඳ හිත පෙන්වන්න ඕනේ. පොත් පාසල් බෑග් සපත්තු අධ්‍යාපන අමාත්‍යංශයෙන් දෙන කතාවක් දැක්ක. කෑම බීම එහෙම හම්බ වෙනවා ඇති කියල මම හිතනවා. මෙහෙම වෙලාවක දකුණේ මිනිස්සුන්ට නම් ඕනේ තරම් කෑම පැකට් බෙදනවා මිනිස්සු. එක පාරක් පිසූ කෑම එපා වැඩියි කියලත් කිව්වා. උතරේ අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ටත් කෑම ලැබෙනවා ඇති නේද එහෙම? මිනිස්සු සහ දරුවෝ බඩගින්නේ ඉන්නවා වුනොත් මට දුක හිතෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
