කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට
මල්වානේ වල්ගම ප්රදේශයේ වෙළෙඳ සැලකට භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණ එහි කිරිපිටි සොරකම් කළ පුද්ගලයෙකු එහි හිමිකරු විසින් අල්ලා බියගම පොලිසියට භාර දී ඇත.
ඊයේ ( 05දා) දහවල් මේ පුද්ගලයා වෙළෙඳ සැලට පැමිණ එහි රාක්කයක අසුරා තිබු ගැම් 450 කිරිපිටි පැකට්ටුවක් ගෙන කමිසය අස්සේ සඟවන අයුරු එහි සවි කර තිබෙන සී සී ටී වී කැමරාවේ රූප රාමු වල ද සටහන් වී තිබේ.
මේ පුද්ගලයා හොරණ පුදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බියගම පොලිස් ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක අජන්ත පුෂ්පකුමාර මහතා ගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ධනංජය රාජපක්ෂ මහතා මේ පිළිබඳව පරික්ෂණ පවත්වයි.
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ / දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති
popular news
-
Warnasuriya Tuesday, 07 June 2022 06:50 AM
Billions ganan horakam karana aya malmala daala piliganna rate nethi beri kamata kiripity packet ekak gatta miniha Police kuduwe. E manussaya horakam karana thenata demme me palana karamaya neda. Harima kanagatui Police pareekasana karala e manussayata kiripity packet ekak wath denna balanna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

