රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාස්සගල වත්තේ අක්කර 22ඉඩම සමග හන්තාන ප්‍රදේශයෙන් අක්කර 43ක් සී.කිරිඇල්ල යන අය විසින් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විශේෂ අවධානය යොමු විය.
අක්කර 22ක ඉඩම ප්‍රකාශිත නොවන පිරිසට ඇතුළත් සී.කිරිඇල්ල යන අයට කිසි සේත් ඉඩම බැහැර කිරීමට අයිතියක් නොමැති බවද මෙහිදී අනාවරණය විය.
කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධව ජනතා වතු සංවර්ධන මණ්ඩලය කෝප් කමිටුව හමුවට හමුවට කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාරවණය විය.
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර – සී.කිරිඇල්ල නැමැති අයට රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාස්සගල වත්තේ අක්කර 22ට ආසන්න ප්‍රමාණයක් සඳහා හිමිකම සහිත වීම සහ රාස්සගල වත්තේ භුක්තිය කොමිෂන් සභාව සතුව නොතිබූ අවස්ථාවක එම ඉඩම වෙනුවට හන්තාන ප්‍රදේශයෙන් ඉඩම් ලබාගෙන තිබීම පිළිබඳවත්, මේ වන විට ඇය විසින් එම ඉඩම විකුණා තිබීම යන කලින් කෝප් කමිටුවේ තීරණයක් මම ගත්තේ. සී.කිරිඇල්ල මහත්මියට අයිති වෙලා තිබෙන්නේ දළ චිත්‍රය ගත්තොත් රාස්සගල මඩුවන්විල වලව්ව සහ මහවලතැන්න වලව්වට අයිති ඉඩම්.
මේ ඉඩම හවුල් ඉඩමක්. සී.කිරිඇල්ල මහත්මියට තිබිලා තියෙන්නේ අක්කර 22ක ප්‍රමාණයක්. මේ ඉඩම එල්.ආර්.සී.එකට අයිති නෑ. ඒත් මේ එල්.ආර්.සී. එක මැදිහත්වෙලා මේ ඉඩම බදු දෙනවා බලංගොඩ ප්ලාන්ටේෂන් එකට. ඉන්පසු ඔවුන් එල්.ආර්.සී.එකට අතුරු තහනම් නියෝගයක් ගන්නවා. 1996දී මේ ඉඩම නැවත අයිතිකරුවන්ට අත්පත් වුණාම එයාල ඉඩම් ප්‍රකාශකයන් විදියට එල්.ආර්.සී.එකට මේ ඉඩම් ප්‍රකාශ කළාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රකාශ කළාම මේ සී.කිරිඇල්ල මහත්මියට අයිති වෙලා තිබුණේ අක්කර 22ක් නම් එතුමිය කොහොමද ප්‍රකාශකයෙක් බවට පත්වුණේ ? මෙතන ප්රශ්නය වෙන්නේ හන්තාන වත්ත කියන ජේ.ඩී.බී. එකට අයිති ඉඩමකින් අක්කර 43ක් නිදහස් කරනවා විකල්ප ඉඩම් ලබාදීමක් ලෙස.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ - රාස්සගල වත්ත කියන එක ජී.ඩබ්ලිව්. මඩුවන්වෙලයි ,එස්.ඩබ්ලිව් මාලකතැන්න කියන දෙන්නෙක්ට තමයි අයිති වෙලා තිබුණේ. මේ ඉඩමේ සම්පූර්ණ ප්‍රමාණය තිබිලා තියෙනවා අක්කර 5360යි රෑඩ් එකයි , පර්චස් 37ක්. මේකෙන් බදු ගිවිසුම් යටතේ රාජ්‍ය වැවිලි සංස්ථාවට ගිහින් තියෙනවා අක්කර 1824 රූඩ් එකයි, පර්චස් 17ක ප්‍රමාණයක්. 1996දී තමයි මේක අවසන් වෙන්නේ බදු කාලය. මේ ඉඩමට අදාළව අක්කර 50 ඉක්මවන ප්‍රකාශකයන් ඉන්නවා 22ක්. ප්‍රකාශක නොවන 46ක් ඉන්නවා. මේ සී.කිරිඇල්ල කියන අය මේ ප්‍රකාශක නොවන 46දෙනාගෙන් එක්කෙනෙක්. මේ සම්පූර්ණ ඉඩම අපිට ඇවිල්ලා නෑ. මේ ඉඩම තවම තියෙන්නේ එස්.පී.සී.එක යටතේ.
දැනට බලංගොඩ ප්ලාන්ටේෂන් එකෙන් පාලනය වෙනවා. ප්‍රකාශිත නොවන 46දෙනාට අයිතිවෙලා තිබිලා තියෙනවා ඒ වන විට අක්කර 462යි, රූඩ් 2යි, පර්චස් 14ක ප්‍රමාණයක්. එතන චාමිණි කිරිඇල්ල කියන මහත්මියට තිබිලා තියෙනවා අක්කර 22යි, රූඩ් 1යි, පර්චස් 28ක අයිතියක්. නමුත් ප්‍රකාශිතයන් 22දෙනාටවත්, ප්‍රකාශිතයන් නොවන කිසිවෙකුටවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මෙතෙක් ඉඩම් බැහැරවීමක් සිදුවෙලා නෑ. ප්‍රකාශිතයන් නොවන අයට කිසිසේත්ම අයිතියක් නෑ ඉඩම් බැහැර කිරීමට. ඒ ඉඩම් කොමිෂන් සභාවට පැවරෙන්නේ නැති නිසා. ඒ අනුව අපිට චාමිනි කිරිඇල්ල කියන කෙනාට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් දෙන්න කිසිදු දැන්වීමක් නෑ. ඒ ඉඩම ජනතා වතු සංවර්ධ මණ්ඩලයෙන් චාමිනි කිරිඇල්ලට දීලා තියෙන්නේ.
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර – මේක අපි ජේ.ඩී.බී. එක සම්බන්ධ වන වෙලාවක සාකච්ඡාවට ගන්න වෙන්නේ.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන - ඔබතුමන්ලාගේ ඉඩම් වතු සංවර්ධන මණ්ඩලය සතුව තිබෙනවානේ. ඒකෙන්ද මේ අක්කර 43යි, රූට් 01යි පර්චස් 26ක් චාමිනි කිරිඇල්ල මහත්මියට නිකුත් කරලා තියෙන්නේ ?
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ - නිකුත් කරලා තියෙන්නේ වතු සංවර්ධන මණ්ඩලයෙන්. ඒත් මේ ඉඩම පරිපාලනය තියෙන්නේ රාජ්‍ය වැලි සංස්ථාව යටතේ.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන – චාමිනි කිරිඇල්ල මහත්මියට නිකුත් කරලා තියෙන්නේ බලංගොඩ ප්ලාන්ටේෂන් එකේ ඉඩමක්ද?
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ - බලංගොඩ ප්ලාන්ටේෂන් එකෙන් පරිපාලනය වන රාජ්‍ය වැලි සංස්ථාවට අපි භාරදීපූ ඉඩමක් තමයි ජනවසම විසින් නිදහස් කරලා තියෙන්නේ.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන –චාමිනි කිරිඇල්ල කියන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයාගේ දුව. ඔබතුමල්ලා කියනවා එල්.ආර්.සී. එක අධිකරණයේදී ඔබතුමන්ලාගේ හිමිකාරීත්වයවත් පිළිගන්නේ නෑ කියලා. ඒත් බලංගොඩ ප්ලාන්ටේෂන් එකට දුන්න ඉඩමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට පැවරිලා තියෙනවා. කොහොමද ඒක වෙලා තියෙන්නේ? දේශපාලන බලය පාවිච්චි කරලාද? ලක්ෂමන් කිරිඇල්ල මහත්මයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලාද ඒ බලය පාවිච්චි කරලා තියෙන්නේ?
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර – විකල්ප ඉඩම් ලබා දීම සම්බන්ධව පනතේ තිබෙන බලතල මොකක්ද කියන එක පැහැදිලි කරන්න ?
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ(නීති) උදයසිරි රාජපක්ෂ - පනතේ 22 අ වගන්තියේ දැක්වෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් පවරාදීමේදී හුවමාරුවකින් පවරා දෙන්න පුළුවන් කියලා. 44 අ වගන්තියේ දැක්වෙනවා බලතල දක්වනකොට පනතේ පරමාර්ථ සහ බලතල ක්‍රියාත්මක කිරීමට අනිකුත් දේ අතර, ඒ කියන්නේ විකිණීම් , බදු දීම් , අන් අයගෙන් බැහැරකිරීම් , ඔඩපන කිරීම වැනි කාරණා අතර හුවමාරු කිරීමට බලයක් තියෙනවා කියලා.
සි. කිරිඇල්ල යනු පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල වන අතර ඇය හිටපු අමාත්‍යවරයෙක් වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණියය.