මවගේ කිරි පිට උගුරේ යාම හේතුවෙන් මාස එක හමාරක් වයසැති බිළිඳෙකු අද (12) උදෑසන මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන 77 කනුව,මොරකෑව ලිපිනයේ පදිංචිව සිටි නිපුල සංචන නැමැති බිළිඳෙකි.
අද උදැසන අටයි තිහට පමණ මෙම මරණය සිදුවීඇති බව පොලිසිය පවසයි. ඒ මොහොතේ දරුවා මවගෙන් කිරි බොමින් සිට ඇති අතර පොලිසිය සැක කරන්නේ එහි දී කිරි පිටඋගුරේ යන්නට ඇති බවටය.
පසුව ඒ මොහොතේම දරුවා හොරොව්පොතාන රෝහලට රැගෙන ඒමට කටයුතු යොදා තිබූන මුත් රෝහල් ප්රකාශකයෙකු පැවසුවේ ඒ වන විටත් දරුවා මියගොස් සිටි බවය.
සිරුර අද සවස් වන විටත් හොරොව්පොතාන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු අතර මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණි.
හොරොව්පොතාන පැතුම් දර්ශන