කිරි ගවයන් 50 පාලනය කරන තරුණ ගොවි මහතෙකු ඉන්ධන ලබා ගැනීම සඳහා තමන්ට පෝලිමේ සිටීමට නොහැකි නිසා කිරි එළ එළදෙනෙකු ඉන්ධන පෝලිමේ ගැටගසා අනෙක් සතුන්ගේ ආහාරපාන සහ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා යන පුදුමසහගත පුවතක් අද (06දා) දඹුල්ල නගරයෙන් වාර්තා වේ.
දඹුල්ල අතුපාරයාය ප්‍රදේශ්යේ පදිංචි ආර් .එම් .රත්නායක නැමැති තරුණ කිරි ගොවි මහතා මෙම කිරි එළදෙනගේ පිටේ තම යතුරුපැදියේ අංකය ලියා කිරි එළ එළදෙන පෝලිමේ තබා තිබේ.
දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පෝලිමේ මෙම ගවයා බැඳ තිබේ. තරුණ කිරි ගොවි මහතා කියා සිටියේ දින ගණනාවක් තමන් පෙට්ෙට්රල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටිය ද එහෙත් ඉන්දන ලබා ගැනීමට නොහැකි වූ බව ය . කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරයා ටත් පොලීසියටත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා ටත් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල රැඳී සිටින මහජනතාවටත් තමන්ට සිදුව ඇති අකරතැබ්බය ගැන දැනුවත් කළ බව හෙතෙම සඳහන් කළේ ය
තමන්ට කිරි ගවයන් පනස් දෙනකු සිටින බවත් එම පනස් දෙනා ගේ දිනපතා කටයුතු කිරීම සහ උදෑසන කිරි ටික දෝවා අලෙවිකරණ මධ්‍යස්ථානයට රැගෙන යෑම ආදී කටයුතු රැසක් තනියම කරන බවයි .එම කටයුතු සියල්ල අතරමග දමා දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටීමට නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය අවස්ථා ගණනාවක් තමන් යතුරු පැදිය පෝලිමේ තබා තමන්ගේ ගවයන්ගේ වැඩ කටයුතු අවසන් කොට නැවත එනවා අවස්ථාවේදී තමන්ගේ ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව අවසන්ව වෙනත් කණ්ඩායම් පෝලිම් වල රැඳී සිටියදී නැවත තමන්ට ඉදිරියට යෑමට ඉඩ නොදෙන බව ඒ මහතා පැවසීය.
එම නිසා තමාට සුදුසු ම විකල්පය ලෙස තමන්ගේ ළඟ සිටින ගවයන් 50 ගෙන් එක් අයකු ආහාර වතුර ලබා දී පෝලිමේ මහාමාර්ගයේ ඇති විදුලි කණුවක ගැටගසා පෝලිම එම ස්ථානයට පැමිණෙන අවස්ථාව වන විට අසල අයෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලා පිටව යන බව හෙතෙම සඳහන් කළේය.
දඹුල්ල සමුපාපකාර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට අත්‍යාවශ්‍ය සේවා සඳහා සීමිත ඉන්දන සංචිත තබාගෙන ලබාදීම සිදුකරනු ලබන අතර අත්‍යවශ්‍ය සංචිත වලින් ද පිරිස් යම්කිසි ප්‍රමාණයක් හෝ ඉල්ලා සිටිමින් රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.
