චවලකඩේ පොලිස් වසමේ කල්මුණේ ප්රධාන මාර්ගයට යාබද කලපුවට බසින ලද පුද්ගලයෙක් කිඹුලෙක් ඩැහැගෙන යාමෙන් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (23දා) පස්වරුවේ මෙම සිදුවීම සිදුව තිබේ. මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 30ක පුද්ගලයෙකි.
කලපුවට බැස සිටි ගවයින් කිහිප දෙනෙක් ගොඩට ගැනීමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.