තණමල්විල පොලිස් වසමට අයත් තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දෙසීය අසූඅට කණුව අසලදී අද (03) වෙනිදා අලුයම සිදුවූ රිය අනතුරින් තුවාල ලබා සිටි වෑන් රථ රියදුරුද මිය ගොස් තිබේ. ඒ අනුව මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව දෙදෙනෙක් බවට පත්විය.
තණමල්විල දෙස සිට වැල්ලවායට දෙසට ධාවනය වෙමින් තිබූ 250 - 2292 දරණ වෑල් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට ගොස් අඹ ගසක සහ තේක්ක ගසක ගැටී තිබේ.
එම අනතුරෙන් තුවාල ලැබූවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වෑන් රථයේ රියදුරු අසුනට පිටුපස අසුනේ සිටි අයෙකු බරපතළ තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල,ඩී හතර ඇල පදිංචි කුලවර්ධන රාළහාමිලාගේ වංශතිලක (56) නැමති අයෙකි. වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මාරු කරන ලද වෑන් රථයේ රියදුරු වන මැදගම කොටබෝව පදිංචි ජයසිංහගේ සසංක උදුල චින්තන (18 ) නැමති තරුණයාද ප්‍රතිකාර ලබමින් සිටියදී පසුව මියගොස් ඇත.
මෙම පිරිස මැදගම ප්‍රදේශයේ ඇඟලුම්කම් හලක සේවය කරන අතර එම සමාගමට අයත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකට ගොස් ආපසු එමින් සිටියදී අනතුර සිදුවී ඇත. තුවාලකරුවන් පස් දෙනාගෙන් තිදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේද දෙදෙනෙකු තණමල්විල ප්‍රාදේශීය රෝහලේද ප්‍රතිකාර ලබමින් පසු වේ. තණමල්විල පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක
