කෑගල්ල කරඬුපන හංදිය ප්රදේශයේදී අද (03) උදෑසන ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
රඹුක්කන සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ දිගන සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙසේ ඒකිනෙක ගැටී තිබේ. කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.