මුරුන්කන් පොලිස් වසමේ වංකාල නානට්ටාන් මාර්ගයේ නරිවිලකුලම්, වෙලාන්ගනි හන්දියේදී මව, පියා සහ දියණිය පුතා ඇතුලු එකම පවුලේ සිව්දෙනෙකු යතුරුපැදියක් වංකාල දෙස සිට නානට්ටාන් දෙසට ගමන් කිරීමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (10දා) අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදියේ ගමන් කල සිව්දෙනාම තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුලත් කිරීමේදී කුඩා දරුවා මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 04 ක් වූ නරිවිලකුලම්, වංකාලේ ප්රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.
මෘත ශරීරය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මුරුන්කන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.