කැබ් රථයක් පදවා අනතුරක් කළ 17 හැවිරිදි පාසල් සිසුවෙකුට ඇප - 12 හැවිරිදි දැරියකට පාදයක් අහිමියි
මොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ සිරිගල රෝහල අසල කිරි මණ්ඩල හංදියේදී මොනරාගල දෙස සිට ඔබ්බේගොඩ දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මැයි 16 වෙනිදා සිදුවූ රිය අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සහ පැදිකරු මොනරාගල දිස්ත්‍රක් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ආසාධ්‍ය තත්වයේ පසුවූ දැරිය කොළඹ ජාතික රෝහලට මාරුකිරීමෙන් අනතුරුව එක් පාදයක් ඉවත් කර ඇත.
මෙලෙස බරපතළ තුවාල ලබා එක් පාදයක් ඉවත් කර ඇත්තේ ෂෙහාරා නිශාදි (12) නැමති පාසල් ශිෂ්යාවකගේය.
මඩුල්ල ප්‍රදේශයේ පදිංචි ඇය විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු වන 47 හැවිරිදි පියා සමඟ මීගහපිටිය ප්‍රදේශයේ සිට මොනරාගල නගරයේ පැවැත්වෙන උපකාරක පංතියකට යාම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී අනතුර සිදුවී තිබේ.
කැබ් රථය පැදවූ මදුරුකැටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවාට බරවාහන පැදීම සඳහා රියදුරු බලපත්‍රයක් තිබී නොමැති අතර ඔහුට තිබී ඇත්තේ සැහැල්ලු වාහන පුහුණුවීම සඳහා මෝටර් රථ වාහන දෙපාර්තුමේන්තුව මඟින් නිකුත් කරන ලද රිය පුහුණු බලපත්‍රයක් පමණි.
ඔහු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බාල වයස්කාර දරුවෙකු බැවින් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කර ඇත. මොනරාගල පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප සේපාල රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

