හැටන් සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් කැබ් රථයේ රියදුරු තුවාල ලබා බගවන්තලාව ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.
මෙම අනතුර ඊයේ (04දා) සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ බගවන්තලාව වත්ත ප්රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති කැබ් රථය ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි කැබ් රථය රියදුරුගේ පාලනයෙන් මිදි කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පැවසීය.

