බද්දේගම නාගොඩ මාර්ගයේ හැම්මැලිය ප්රදේශයේදී ඊයේ (15) දා පස්වරුවේ කැබ් රථයක් සහ යතුරු පැදියක මුහුණට මුහුණ එකිනෙක ගැටිමෙන් යතුරුපැදිකරු තුවාල ලබා බද්දේගම රෝහලට ඇතුලත් කිරිමේදි ජීවීතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුරින් ජිවීතක්ෂයට පත්ව ඇත්තේ බද්දේගම, හැම්මැලිය, මැද්දවත්ත යන ලිපිනයේපදිංචිකේ ඒ අසේල සම්පත් කොස්තා (31)නැමැති යුධහමුදා සෙබලෙකි.
කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බද්දේගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මියගිය යුද හමුදා සෙබලා
බද්දෙගම සරත් ආනන්ද ගමගේ