පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වෙළදුන් පවසයි.
එළවළු තොග වෙළදුන් පවසා සිටින්නේ බොහොමයක් එළවළු වර්ග වල කිලෝවක තොග මිල පසුගිය සතියට වඩා මේ දින වල රුපියල් සියයකට ආසන්න ගණනකින් පහත වැටී ඇති බවයි.
පසුගිය සතියේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් රුපියල් 380- 360 අතර පැවති අතර එය මේ වන විට රුපියල් 200 - 220 ත් අතර මිලකටත් රුපියල් 400 ක පැවති කැරට් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 300 න් පහතට මිල පහත වැටී ඇති බවත් පසුගිය සතියේ රුපියල් 250 ට ගිය තක්කාලි මේ වන විට එකසිය ගනන් වලට පහත වැටී ඇති බවත් මේ වන විට සෑම එළවළුවක්ම පාහේ රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකින් පහත වැටී ඇති බවද කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් පවසයි.
ඔවුන් පවසා සිටින්නේ වර්ෂා සහිත කාලගුණ තත්වය කෙමෙන් පහව යෑම නිසා ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය තරමක් වැඩිවිමත් පිට පළාත් වෙළදුන්ගේ පැමිණිමේ යම් අඩුවක් පැවතීමත් නිසා මෙලෙස එළවළු තොග මිල පහත වැටී ඇති බවයි.
පිට පළාත් වෙළදුන් පසුගිය කාලයේ සතියකට දින හතරක් පමණ එළවළු තොග මිලට ගැනීමට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියද මේ වන විට ඔවුන් සතියකට දින දෙකක් පමණක් පැමිණිමද මේ එළවළු මිල පහත වැටීමට බලපෑම් එල්ල කර ඇති බවද ආර්ථික මධ්‍යෂ්ථානයේ එළවළු තොග වෙළදුන් පවසයි.
වැලිමඩ කුමාරගේ