කාවන්තිස්ස ගැන ඉහළම අවධානයෙන් ඉන්න
කාවන්තිස්ස ඇතු සැරිසරන ප්රදේශවල සියලූම වනජීවී කාර්යාල ඉහළම අවධානයෙන් (High Alert) තබන්නැයි පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා වනජීවී අධ්යක්ෂක ජෙනරාල්වරයාට යළිත් උපදෙස් ලබා දී ඇත.
කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්ය වෛද්ය ප්රතිකාර හා පහසුකම් අඛණ්ඩව සැපයීම සම්බන්ධයෙන් පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා ගේ මැදිහත්වීමෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පශු වෛද්යවරුන් එක්ව දිනපතා මාර්ගගත සාකච්ඡා පවත්වමින් ඇතාගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව විමසා බලන අතර, අවශ්ය ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලබයි.
කාවන්තිස්ස ඇතා සැරිසරන ගල්ගමුව, ගිරිබාව, මීගලෑව ආදී ප්රදේශ ආවරණය වන පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ශේත්ර නිලධාරීන් ඉහළම අවධානයෙන් (High Alert) පසුවෙමින් අවශ්ය ආරක්ෂක හා නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද අමාත්යවරයා වනජීවී අධ්යක්ෂක ජෙනරාල් වරයාට උපදෙස් ලබා දී තිබේ. මේ පිළිබඳව ප්රගතිය පරිසර නියෝජ්ය ඇමතිතුමා විමසූ අතර තව දුරටත් මැදිහත් වන ලෙස අධ්යක්ෂක ජෙනරාල් වරයාට නියෝජ්ය අමාත්යවරයා උපදෙස් ලබා දුන්නා
කාවන්තිස්ස ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, සෞඛ්ය තත්ත්වය අනුව අවශ්ය වෛද්ය ප්රතිකාර සහ අනෙකුත් පහසුකම් කඩිනමින් සැපයීමත් සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සම්බන්ධීකරණයෙන් ඉදිරි කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

