අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට සුවිසුද්ධාරාම විහාරස්ථානය විසින් සංවිධාන කර ඊයේ (3) රාත්රී සංචාරය කෙරුණු පෙරහරක කාවාඩි නටමින් සිටි විසි හැවිරිදි තරුණයකු හදිසියේම අසනීපවී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මරුමුවට පත්ව ඇත්තේ ඇත්කඳුර තණබද්දෙගම පදිංචි පී.එම්.මහීෂ ප්රභාෂණ නමැති විසි හැවිරිදි තරුණයෙකි.
පෙරහර මාදම්පේ නගරය හරහා වීථි සංචාරය කරමින් සිටියදී කාවාඩි නර්තනයේ යෙදී සිටි තරුණයා රෝගාතුර වීමෙන් පසු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
ක්රිකට් ක්රීඩකයෙක් වන මිය ගිය තරුණයාට කිසිදු බෝනොවන රෝගයක් නොතිබූ බවත් තරුණයා මිය යාම අදහා ගැනීමට බැරි බව පවුලේ ඥාතීහු කියති. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා
