කාලගුණයෙන් රතු නිවේදනයක් - ප්‍රදේශ කිහිපයක හෙට සිට මි.මී.150ට වැඩි වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09දා) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇති බවද එහි සඳහන් කර ඇත.
ඒ අනුව, නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි මෙන්ම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුලතිව්, වව්නියාව, කිලිනොච්චි, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයට විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100- 150ක පමණ තද වැසි ඇති විය හැක.
මේ අතර යාපනය, මන්නාරම මෙන්ම ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට සහ මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි හෝ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
