තද වැසි,තද සුළං හා රළු මුහුද පිළබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දිවයිනට ගිණිකොණ හා නැගෙනහිර දෙසින්වන මුහුදු ප්‍ර දේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.