කාමරයේ තිබූ පෙට්‍රල් නිසා ඇති වූ ගින්නකින් දරුවෙකු මරුට
අනාරක්ෂිත ලෙස නිවසේ පෙට්‍රල් ගබඩා කිරීම හේතුවෙන් එයින් හට ගත් ගින්නකින් වයස අවුරුදු 9 කුඩා පිරිමි දරුවෙකු දැඩි ලෙස පිළිස්සි එහිම මිය ගොස් සිටි ශෝචනිය සිදු විමක් අද (04දා) හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
හෙම්මාතගම ගිනිහප්පිටිය ප්‍රදේශයේ සිදු වු මෙම සිද්ධියෙන් මිය ගොස් තිබුණේ හෙම්මාතගම කෑ/මාව බාලිකා මහා විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ 4 වසර පංතියේ ඉගෙනුම ලබන අදිෂ මදූෂික විමලසේන නම් දරුවන් තිදෙනෙකු සහිත පවුලක බාල පිරිමි දරුවාය.
සිදුවිම සිදු වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ වයවෘද්ධ මවක් පමණි. පොලිසිය පවසන්නේ මිය ගිය දරුවාගේ පියාගේ මව වන බවයි.
වයස අවුරුදු 70 ක් පමණ වන ඇයගෙන් උදෑසන විදුලි බලය විසන්ධි වු අවස්ථාවේ ගිනි පෙට්ටියක් ඉල්ලා ඇති මෙම මිය ගිය අදිෂ එය රැගෙන කාමරය වෙත ගොස් ඇති බවද මේ වන විට කරුණු ආනාවරණය වි ඇත.
එම කාමරයේ දින ගණනාවක් තිස්සේ ගබඩා කර තිබු පෙට්‍රල් නිසා ක්ෂණිකව ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි. එහිදි දරුවා තමා සිටි ඇඳ මත ගින්නෙන් ගැලවිමට දැඩි උත්සාහයක් දරා ඇති අතර කෑ ගසන්නටද ඇත. නමුත් වයවෘද්ධ මව නිවසේ වෙනත් ස්ථානයක රැඳි සිටිම නිසා දරුවාගේ ජිවිතයට හානි වන තෙක්ම එය කිසිවෙකුටත් නවතා ගැනීමට නොහැකි වි තිබුණි.
පසුව ප්‍රදේශවාසීන් පොලිසිය එක්වි නිවසේ ගින්න නිවා දැමුවත් නිදි යහනේම දරුවා මිය ගොස් තිබුණි.
පවතින ඉන්ධන අර්බුදය නිසා දුර දිග නොබලා නිවසේ වල මෙලෙස ඉන්ධන ගබඩා කිරිමෙන් මෙම ආවාසනාවන්ත මරණය සිදු වි තිබුණු අතර ප්‍රදේශවාසීන් කුඩා දරුවාගේ මිය යෑමෙන් පසුව එහි ශෝකයෙන් වැලපෙන අයුරුද දැක ගත හැකි විය.
පොලිස් පරික්ෂණ මේ වන විට සිදු වෙමින් පවතින අතර මිය ගිය කුඩා දරුවාගේ දේහය හෙම්මාතගම රෝහල වෙත රැගෙන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කර ඇත.
මේ වන විට සිද්ධිය වු ස්ථානයේ හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති එම්.ඒ.ඒ.සී.සුමනසේකර මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් පරික්ෂණ සහ කට උත්තර ලබා ගනිමින් සිටි. සිද්ධිය වු ස්ථානයට ප්‍රදේශවාසීන් රැසක්ද පැමිණෙමින් සිටිනු දැක ගත හැකි වෙයි.
popular news
-
සිරිල් දන්දෙනිය Tuesday, 05 April 2022 12:40 AM
මෙවැනි අනතුරු වලට ප්‍රධාන හේතුව තමයි අපරටේ මිනිසුන්ට සාමාන්‍ය විද්‍යා දැනුම ලබා නොදීම. එම සිද්ධියට අදාල වැඩිහිටිය පාසල් දරුවෙක් සිටි කාලයේදී එදිනෙදා ජීවිතයට සම්බන්ධ පුංචි පුංචි විද්‍යා දැනුම ලබා නොදීමයි.අපරටේ වැඩිහිටියන්ගෙන් 99% ක් මම සදහන් කරන විද්‍යා දැනුම නැති අයයි. මේ අයගෙන් අපේ දරුවන්ට කිසිම දැනුමක් ලැබෙන්නෙ නෑ පාසල් ගුරුවරුද විෂය මාලාව නියා දෙනව හැර පුංචි විද්‍යා දැනුම ලබා දෙන්නෙ නෑ. මුලු රටටම පුංචි විද්‍යා දැනුම ලබා දෙන මහා ව්‍යාපෘතියක් පටන් ගත යුතුයි මේ සදහා වසර ගණනක සිට මා වෙහෙසෙනව. මම බලා පොරොත්තුවන්නේ පුංචි විද්‍යාත්මක කරුනු 15000 ක් අඩංගු පොතක් පාසල් දරුවන්ට කියවීමට ලබා දීමයි මෙයින් 5000 ක් මුද්‍රණය කර පාසල් පුස්තකාලවලට දෙන්න කියල ජනපති මගින් අද්යාපන අමාත්‍යාංශයට ලීවා. රට දැය විනාශවුනත් ඒ අය පාසලකට මෙවැනි පොතක් දෙන්නෙ නෑ ඒ අයට නිර්මාණශීලීව දරුවන්ට දැනුම දෙන්න ඕනකමක් නැති බව මට එවා ඇති පිළීතුරු ලිපියෙන් පේනව හැහිනම් අද පුවත්පත ඉදිරිපත්වෙලා මෙම පොත දරුවන්ට දෙන්න සහාය වන්න 0776319373
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

