ලංකා පොහොර සමාගමට අයත්,අම්පාර උදයපුර ප්‍රදේශයේ පිහිටි පොහොර ගබඩාවේ තිබු කාබනික පොහොර සාම්පල් 54ක් අස්ථානගතව ඇතැයි, එම පොහොර සමාගමෙි කනිෂ්ඨ කළමණාකරුවෙකු හා දිස්ත්‍රික් අලෙවි විධායකවරයා ඊයේ(03දා) අම්පාර පොලිසියට පැමිණිලිකර තිබේ.
විවිධ ආයතන හා ගොවීන්ගෙන් කාබනික පොහොර සාම්පල දෙක බැගින් ලබාගෙන, එක් සාම්පලයක් තත්ත්ව පරික්ෂණ කටයුතු සදහා කොළඹ ලක් පොහොර රසායනාගාරය වෙත යොමුකරන බවත්,අනෙක් සාම්පලය තමන් භාරයේ තබාගන්නා බවත් එසේ තමන් භාරයේ, අම්පාර උදයපුර ගබඩාවේ තිබු කාබනික පොහොර සාම්පල් 54ක් මෙසේ අස්ථානගතව ඇති බවත්, සමාගමේ මෙම නිළධාරින් දෙපල අම්පාර පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලේ තවදුරටත් සදහන් වේ.
ඹවුන් පවසන්නේ 2021 වසරේ ඔක්තොම්බර් මස සිට 2022 පෙබරවාරි මස දක්වා ලබාගත් කාබනික පොහොර සාම්පල ගබඩාවේ තිබු බවයි.
නැගෙනහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා,අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම් සෙනවිරත්න යන මහතුන්ගේ උපදෙස් මත, අම්පාර කොට්ඨාශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මෙහෙයවිමෙන්, අම්පාර පොලිසිය මෙි පිලිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
මොණරාගල-නයනජිව බන්ඩාර