පමුණුගම පොලිස් වසමේ එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ඊයේ සවස පමණුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අතුරදන්වූ කාන්තාව අවුරුදු 35 ක් හා ගැහැණු ළමුන් දෙදෙනා අවුරුදු 04, 12 සහ පිරිමි ළමයා අවුරුදු 13 වයස්වල පසු වූ ජා ඇල ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
නාවික හමුදාවේ සහය ඇතිව දියේ ගිලී අතුරදන් වූවන් සොයා පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
