අභිරහස් ලෙස සුළු පිළිස්සිම් තුවාල ලබා මරණයට පත්ව සිටි කාන්තාවගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණය පරික්ෂණය පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිට පවත්වන ලෙස පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් සම්සු රාෆික් මහතා අද(15දා) පුත්තලම මුලස්ථාන පොලිසියට නියෝග කෙරුණි.
පුත්තලම අනුරාධපුර මාර්ගයේ නිවසක පදිංචිව සිටි 36 හැවිරිදි දෙදරු මවක් වන මර්ක්කාර් මුන්වැල් යහල් මොහොමඩ් නැමති කාන්තාව මෙසේ අභිරහස් ලෙස නිවස තුල සුඵ පිළිස්සිම් තුවාල ලබා මරණයට පත්ව සිටි බව පොලිසිය කියයි.
මෙම කාන්තාව කලින් විවාහව සිටි සැමියා විදේශ ගතව ඇති බවත් ඔහු ඇයගෙන් වෙන්ව ඇති බවද පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇති බව කියයි.
පොලිසිය පවසන්නේ මෙම කාන්තාව පුත්තලම නගරයේ රන් ආභරණ අලෙවි ස්ථානයක් පවත්වාගෙන යන විවාහකයකු වන පුත්තලම තිල්අඩියේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයකු සමග කලක සිට අනියම් සම්බන්ධතාවයක් පවත්වගෙන ගොස් ඇති බවයි.
මෙම කාන්තාව කලින් පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ ඇයගේ මව්පියන්ගේ නිවසේ පදිංචිව සිට ඇති බවත් පසුව ව්‍යාපාරිකයා විසින් මෙම කාන්තාට පුත්තලම අනුරාධපුර මාර්ගයේ නිවසක් කුලි පදනමට ලබා දී ඇති බවද කියයි.කෙසේ නමුත් මෙම ව්‍යාපාරිකයා හා මෙම කාන්තාව අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවි තිබු බවද පොලිස් පරික්ෂණ වලදි සනාථ වි තිබේ.
කෙසේ නමුත් මෙම ව්‍යාපාරිකයා විසින් අද(15දා) උදෑසන පුත්තලම මුලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත්තේ නිවස තුල මෙම කාන්තාව අභිරහස් ලෙස පිළිස්සී මරණයට පත්ව ඇති බවයි.
නමුත් පරික්ෂණ පවත්වන පොලිස් කන්ඩායම් මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට පැමිනිලි කල අනියම් සැමියා සම්බන්ධ වු සැක මත අත්අඩංගුවට ගැනිම සිදුව ඇති බව කියයි.
සිද්ධිය සම්බන්ධව පුත්තලම මුල්සථාන පොලිසියේ කණ්ඩායම් කිපයක් පරික්ෂණ ආරම්භ කර තිබේ.

