ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ සතියේදී ක්‍රීඩා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට හෝ ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බවත් මත පළවෙමින් පවතින බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර ඇති ගැටුම මේ වන විට උග්‍ර වෙමින් පවතින අතර අමාත්‍යවරයා මීට පෙර ජනපතිවරයා හමුවූ අවස්ථාවේදී තමන් පත්කළ ක්‍රිකට් අතුරුකමිටුව ඉවත් කිරීමට ජනපතිවරයා යෝජනා කළ අවස්ථාවේදී එසේ නම් තමන්ව ක්‍රීඩා අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස සඳහන් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර ඩේලි මිරර් පුවත් සේවය තවදුරටත් පවසන්නේ මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.