ශ්‍රී ලංකා ක්‍රිකට් අක්රමිකතාවන් පිළිබද විමර්ශනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය පළව තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) රැස් වූ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පක්ෂ සහ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සදහා මෙහිදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා (කෝප්) රැස්වීම් ඉදිරියට පැවැත්වීමටත් කාරක සභා සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණයක් පරිදි සිදුවිය යුතු බවටත් මෙහිදී සාකච්ඡා වී ඇත.