කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් හොරණ මූලික රෝහලේ තිබූ එකම සි ටි ස්කෑන් යන්ත්‍රයත් අක්‍රීය වී ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මධ්‍යම රජය මඟින් පාලනය වන කළුතර නාගොඩ මහ රෝහලේ සිටි ස්කෑන් යන්ත්‍රය ද අක්‍රීය වී තිබීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ 13 ලක්ෂයට අධික ජනතාවක් අතර සිටින රෝගීන්ගේ ජීවිත වලට මෙන්ම හදිසි අනතුරට ලක්වන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරුදායක තත්ත්වයක් හටගෙන ඇත.
හදිසි අනතුරු වලදී රෝගියාගේ මොලයේ අභ්‍යන්තරය මෙන්ම මුළු ශරීරය සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට හා විශේෂයෙන් පිළිකා රෝගීන් සහ අනෙකුත් විශේෂ රෝග ලක්ෂණ හඳුනා ගැනීම සඳහා මෙම සීටී ස්කෑන් යන්ත්‍රය බෙහෙවින් උපකාරී වේ.
හදිසි අනතුරකදී රෝගියෙකු ක්ෂණිකව සීටී ස්කෑන් යන්ත්‍රය හරහා පරික්ෂා කිරීමට සිදු වුවහොත් ඔහු හෝ ඇයව කලුබෝවිල රෝහල හෝ කොළඹ මහ රෝහල වෙත යොමු කිරීමට සිදුවේ.
එම තත්ත්වය විශේෂයෙන් රෝගියාගේ ජීවිතය මරු වැළඳ ගැනීමක් දක්වා දුර දිග යා හැකි බවත් ඊට අමතරව රජයට විශාල වියදමක් ද දීමට සිදුවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මේ පිළිබඳ කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මියගෙන් කළ විමසීමකදී,
"ඔව්, සීටී ස්කෑන් යන්ත්‍රය මේ වන ව්ට මාස 1 1/2 පමණ කාලයක සිට අක්‍රිය තත්ත්වයේ තියෙන්නේ,
එහි යු පි එස් කොටස අමාත්‍යාංශයෙන් ඇනවුම් කරලා තියෙන්නේ. සි ටි ස්කෑන් යන්ත්‍රය පවතින පරීක්ෂා කරන රෝගීන් මේ වන විට කොළඹ මහ රෝහල වෙත හෝ කලුබෝවිල රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරනවා" යැයි පැවැසිය.