රැඳවියන් 600 කට පමණ රැදවීමට ප්‍රමාණවත් සිරමැදිරි තුල 1600 ට අධික ප්‍රමාණයක් රදවා සිටින බැවින් රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද මහත් අපහසුතාවයකට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ගොඩනැගිලි හතරක් පාවිච්චියට නුසුදුසුව භාවිතයෙන් ඉවත්කර ඇති අතර, ඒවා අලුත් වැඩියා කිරීම දිනෙන් දින කල්ගතවන බැවින් පවතින අයහපත් තත්ත්වය බරපතළ වී ඇති බවද සදහන් වේ.
පවතින අධ්ක තදබදය හේතුවෙන් රෝහල් ගතකරන රැදවියන්ගේ ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සදහා නාගොඩ රෝහලේද ජේලර්වරුන් යෙදවීමට සිදුව ඇති බවද සදහන් වේ.
රැදවියන් වැඩිවීම හේතුවෙන් බන්ධනාගාර නිළධාරින් ද සේවාමුර දෙක තුන අඛණ්ඩව යෙදවීමෙන් ඔවුන්ද පීඩාවට ලක්ව ඇති බවද වාර්තාවේ.
මේ පිළිබද විමසීමේදී බන්ධනාගාර නිළධාරියෙක් සදහන් කලේ අපහසුතා පවතින බව පිළිගන්නා නමුත් මාධ්‍යට අදහස් පලකල නොහැකි බවයි.
සුමිත් පොතුපිටිය