2026.10.09 වන දින කළුතර දකුණ පොලිස් වසමේ අවන්හලක් ඉදිරිපිටදී වෙඩි තබා පුද්ගලයෙකු සහ කාන්තාවක් ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරනු ලබයි.
2026.09.15 වන දින රාත්රී කළුතර ප්රදේශයේදී විමර්ශන නිලධාරින් වෙත ලද තොරතුරකට අනුව ඉහත අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 24,26 හා 36 වයස්වල පසුවන කළුතර දකුණ හා අගලවත්ත ප්රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් භාරයේ තිබී යතුරු පැදියක්, ජංගම දුරකථන 02 ක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් 01 ක් සහ සොරකම් කරන ලද බවට සැක කරන ත්රී රෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත. කළුතර දකුණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.