කළුගන්තොට සිංහයා ඉල්ලා උපවාසයක්
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට නිහඬව නොසිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීමට පැමිණෙන ලෙසට ඉල්ලා භික්ෂුන්වහන්සේලා දෙනමක් සහ තවත් ආධාර කරුවන් තිදෙනෙක් අද මතුගම නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කුමාර වෙල්ගම මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වි මෙවර ජනාධිපතිවරණයට සහයෝගය දක්වන ලෙස ඉල්ලා ආරම්භකළ මෙම සත්‍යග්‍රහයට තෙබුවන ග්රන්තාකර පිරිවෙන් විහාරාධිපති පුජ්‍ය තෙබුවන ඥානින්ද නායක හිමියන් , පුජ්‍ය බොන්දුපිටියේ නාගතිස්ස හිමියන් , පුජ්‍ය මාවිට ඤාණරතන හිමියන් සමග ප්‍රභාත් විජේවර්ධන, දුමින්ද දයාශාන්ත, සහ නාලක සමරසිංහ යන පිරිස එක්වී සිටි අතර එම අවස්ථාවට මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ අධාරකරුවන් පිරිසක් එක්වි සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ පුජ්‍ය තෙබුවන ඥානින්ද නායක හිමියන් පැවසුවේ කළුතර දිස්ත්‍රික් ජනතාවගෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගෙන තේරි පත්වූ කුමාර වෙල්ගම මහතාගේ සහයෝගය මේ අවස්ථාවේ රටේ අනාගතය තීරණය කිරිමට ඉතාම අවශ්‍ය බැවින් එතුමා තවදුරටත් නිහඬව නොසිට ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය යුතු බවත් , එම නිසා ඒ සඳහා කුමාර වෙල්ගම මහතාට බල කරමින් ඉල්ලා සිටිමට මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන බවත් ඒ සඳහා අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් නොමැති වූවහොත් සත්‍යග්‍රහයේ යෙදී සිටින පිරිස මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යාමට තීරණය කර ඇති බවත් ප්‍රකාශ කළහ.
බන්දු තඹවිට/ධනුෂ්ක අඟලවත්ත

popular news
-
ගමගේ Thursday, 17 October 2019 06:05 PM
මේක මාර ඉල්ලිමක්නේ? රට වෙනුවෙන් එන්න මෙයාල කියන එකමද කරන්න ඕන? එක වෙල්ගම මහත්තයගේ හර්ද සාක්ෂියට අනුව එතුමාට ඉකමනින් ගන්න ලැබේව කියා බෝධි පුජා කරන්නයි මේ අයට තියෙන්නේ.
Reply : 0 4
කපිල Thursday, 17 October 2019 09:09 PM
ආයේ වල්ගමට කියකියා ඉන්න ඕන නෑ. කළුතර චන්ද දායකයෝ සේරම එකතු වෙලා පොහොට්ටුවට කතිරේ ගැහුවනම් ඉවරයිනේ. එතකොට අඩු වෙන්නේ වෙල්ගමගේ චන්දෙ විතරයි.
Reply : 8 0
TNA Friday, 18 October 2019 07:37 AM
මේක කුමරගේම වැඩක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

