දිවයිනේ ගංඟාවක් මත ඉදිකල ප්‍රථම තොරණ රත්නපුර මුවගම කළුගඟ හරහා ඉදිකර ඇත.
රත්නපුර මුවගම සිරි විසුද්ධාරාම දහම් පාසල හා “Friend’s Life“ තරුණ සංවිධානය එක්ව 12වන වරටත් සංවිධානය කරනු ලබන සඳහම් පූජා පොසොන් කලාපයට සමගාමීව මෙම තොරණ ඉදි කල බව විහාරාධිපති පූජ්‍ය පනාමුරේ පඤ්ඤාලංකාර නාහිමියෝ පවසති.
අඩි 25ක් පළල, අඩි 30ක් උස LED බල්බ් භාවිතා කරමින් ඉදිකර ඇති මෙම තොරණින් පිළිඹිබු වන්නේ සීලම ජාතකයයි.
එය රත්නපුර ආසන්නයේම පිහිටා ඇති මුවගම පාලම ඉදිරිපිට දී දැක ගත හැකිය.
රත්නපුර මුවගම සිරි විසුද්ධාරාම පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් 12වන වරටත් සංවිධානය කරනු ලබන සඳහම් පූජා පොසොන් කලාපය ජූනි මස 02 දින සිට 09 වන දින දක්වා පැවැත්වෙන බව විහාරාධිපති පූජ්‍ය පනාමුරේ පඤ්ඤාලංකාර නාහිමියන් සඳහන් කළේය.