කොළඹ ආශ්‍රිතව සිර වී සිටි වතු ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළම නිසි ක්‍රමවේදයකට නිරෝධායනයට ලක් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමුව තිබේ.
COVID-19 හේතුවෙන් කොළඹ හා ඒ ආශ්රිත ප්‍රදේශවල සිර වී සිටි වතුකරයේ ජනතාව නිරෝධායනය කර තම නිවෙස් කරා යැවීම පිළිබදව ගත යුතු ක්‍රියාමාර්ග සහ ගත යුතු තීන්දු තීරණ පිළිබද සාකච්ඡා කිරීම සඳහා ඊයේ (12දා) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රජා සවිබලගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් නුවරඑළිය දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්ප කුමාර මහතා ඇතුලු නිලධාරීන් පෙන්වා දෙන ලද්දේ COVID-19 වෛරසය ආරම්භයේ සිට ම දිස්ත්‍රික්කය තුළ වෛරසය මැඩපැවැත්වීම සඳහා සියළු ක්‍රියාමාර්ග ගත් බවය.
රට විවෘත කිීරීමෙන් පසුවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ හා නුවරඑළියට පැමිණෙන ජනතාවගේ සෞඛය ආරක්ෂණය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද අවධානය යොමු කර ඇති අතර, කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ සිටින පිරිස් නුවරඑළිය දිස්ත්‍රික්කයට එවීමේ දී නිරෝධායන කටයුතු සඳහා යොදාගත හැකි ස්ථාන දැනටමත් හදුනාගෙන තිබෙන බවත් 600-700 ක් පමණ එම ස්ථාන තුළ නිරෝධායනය කිරීමට සැළසුම් කර ඇති බවය.
සෞඛ්‍ය අමාත්‍යවරය මෙහිදී පෙන්වා දෙන ලද්දේ ප්‍රාදේශීය මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් කමිටු පිහිටුවීම මගින් ද ඉදිරියට වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතු බවයි. ප්‍රජා පොලීසිය ද මේ සඳහා සම්බන්ධ කර ගැනීම පිළිබඳවත් වෛරසය මැඩපැවැත්වීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් එක් එක් අංශ පිළිපදිනවා ද යන්න සොයා බැලිය යුතු බවත්ය.
එහිදී ග්‍රාමීය කමිටු වෙත එහි අධීක්ෂණ කටයුතු සදහා බලය ලබාදිය යුතු බව ද පෙන්වා දෙන ලදි. කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ වතු ජනතාව 1553 වන බවත් එම පිරිස් නුවරඑළිය දිස්ත්‍රික්කයට එවීමේ දී නිරෝධායනය කොට යොමු කිරීමේ ඇති හැකියාව පිළිබදව ද අවධානය යොමු කරමින් තොරතුරු ලේඛණයකට අනුව එක් එක් කාණ්ඩ යටතේ දිස්ත්‍රික්කය තුළම එම පිරිස් නිරෝධායනය කිරීම ද සුදුසු ක්‍රියා පිළිවෙතක් බවද පෙන්වා දෙන ලදි.
නිරෝධායනයට ලක්කරන අතරතුර දින 10 කින් PCR පරීක්ෂණ සිදු කිරීමත් එහිදී PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපකරණ ධාරිතාවය ඉහළ නැංවීමට ද කටයුතු කළ හැකි බව ද සදහන් කරන ලදි.
තෙල්දෙනිය රෝහලේ කොව්ඩි 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති බැවින් එහි සේවාවන් ඉහළ නැංවීමටත්, අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළ නැංවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය පැවැසීය.
යම්හෙයකින් ඉදිරියේදී වෛරසයේ ව්‍යාප්තියක් ඇති වුවහොත් මෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන පිරිස් හඳුනාගතහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිස්ත්‍රික්කය තුළ ස්ථාන 03 ක් හදුනාගෙන තිබෙන බවට නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී දැනුවත් කළ අතර, පුද්ගලික ආරක්ෂිත ඇදුම් හිඟයකින් තොරව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බැවින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබද දැනුවත් කිරීම තුළින් බාධාවකින් තොරව අවශ්‍ය ප්‍රමාණයන් ලබා හැකි බවද අමාත්‍යවරිය පෙන්වා දෙන ලදි.