කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන නල මාර්ගයක සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියි .
කොළඹ - 02, 03,07,08,09,10 යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති අතර කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති.