ජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවකදී සිදු කළ යුතු අත්‍යාවශ්‍ය ඉදි කිරිමක් හෝ සංක්‍රමණ දුම්රිය මාර්ග පද්ධතිය යටතේ හඳුනාගනු ලැබ ඇති ඉදිකිරීම් හැර වෙනත් කිසිඳු කාර්යයක් සඳහා කොළඹ අගනගර කලාපය තුළ පිහිටි තෙත් බිම් ආශ්රිත සියලුම ආකාරයේ ගොඩ කිරීම් හා ඉදිකිරීම් වළකාලන තහනම් නියෝගයක් පැනවීමට රජය තීරණය කර තිබේ.
එසේම දැනටමත් සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති කිඹුලා ඇළ හා දියවන්නා ඔය ආශ්රිත හඳුනාගෙන ඇති භූමි ප්‍රදේශ හැර අනෙකුත් තෙත් බිම් ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කිරිමටත් රජය තීරණය කර තිබේ.
කොළඹ අගනගර කලාපයෙන් තෙත්බිම් ගොඩකිරීම හා විනාශ කිරීම වහාම නවතාලීමට තාවකාලික තහනම් නියෝගයක් පැනවීම හා තෙත්බිම් ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත්කිරීම හා සංරක්ෂණය කිරීම පිළිබඳ අවශ්‍ය පියවර ගැනිම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර නිලධාරී කමිටුවක් පත් කර තිබුණි.
මෙම කමිටුවේ නිර්දේශ අනුව ඉහත ක්‍රියාමාර්ග දෙක ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.