කොළඹ ජාතික රෝහලේ ශල්යගාරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය මාසයක කාලයක සිට රෝහල් භූමියෙන් ඉවත්කර නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
අදාළ අපද්‍රව්‍ය කොළඹ ජාතික රෝහලේ අපස්මාර ගොඩනැගිල්ල පිටුපස ගොඩගසා තිබෙන බවත් මේ නිසා රෝහල් සේවකයන්ගේ හා රෝගීන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද එම සංගමයේ සභාපති හෙද නිලධාරී එස්.බී. මැදිවත්ත මහතා සඳහන් කළේය.
මෙම අපද්‍රව්‍ය අතර මිනිස් ශරීරවල කොටස් පුළුන්, ගෝස්, කටුවර්ග, හා බ්ලේඩ් ආදී අඩංගු බවත් දෛනිකව මෙම අපද්‍රව්‍ය ආරක්ෂිතව රෝහල් භූමියෙන් ඉවත් කර ආරක්ෂිත ලෙස පුළුස්සා දැමීම සිදුකළ යුතු බවද අවධාරණය කළේය.