කළමැටිය මුහුදේ පාවෙමින් තිබූ මල සිරුරක් සොයා ගනියි
- 4 05 2020
- 11:10
- {{hitsCtrl.values.hits}} views
- ..
හුංගම කළමැටිය ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (04දා) සොයාගත් බව හුංගම පොලිසිය කියයි.
ධීවර රැකියාවේ පිටත්ව ගිය ධීවරයකු මෙම මළ සිරුර මුහුදෙහි පාවෙමින් තිබෙනු දැක ඒ පිළිබඳව පොලිසිය දැනුම්වත් කර තිබිණ.
දැනට දින කිහිපයකට ඉහතදී කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ ධීවරයාගේ සිරුර මෙය බවට පොලිසිය සැකකරයි. සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
අනීෂා මානගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
