කළමැටිය මුහුදේ අතුරුදන් වූ ළමුන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගනියි
හුංගම පොලිස් වසමේ හාතාගල ග්රාම නිලධාරි වසමේ කලමැටිය මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරු දහන් වු ළමුන් තිදෙනාගෙන් ළමුන් දෙදෙනෙකුගේ සිරුරු අද (31) පෙරවරුවේ සොයාගත් බව හුංගම පොලිසිය පවසයි.
මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ 104/1, තුඩුව, හුංගම පදිංචි , හුංගම විජයබා ජාතික පාසැලේ 13 වසර ඉගෙනුම ලබන 18 හැවිරිදි වැල්හේන ගමගේ පසිදු හේෂාන් , අංක 84/A, රුවන් සෙවන, තුඩුව, හුංගම ලිපිනයේ පදිංචි හුංගම විජයබා ජාතික පාසැලේ 12 වසර ඉගෙනුම ලබන 17 හැවිරිදි රත්නවිර පටබැදිගේ අශාන් දුලංජල හා අංක 84/A, රුවන් සෙවන, තුඩුව, හුංගම ලිපිනයේ පදිංචි හුංගම විජයබා ජාතික පාසැලේ 12 වසර ඉගෙනුම ලබන 17 හැවිරිදි රත්නවිර පටබැදිගේ තුෂාන් දිලුෂ නැමති සිසුන් තිදෙනායි.
මෙම සිසුන් ඊයේ (30) සවස කළමැටිය මුහුදු තීරයේ දිය නැමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දි තිබේ. දියේ ගිළී අතුරු දහන් වු සිසුන් තිදෙනාගෙන් සිසුන් දෙදෙනෙකුගේ සිරුරු අද (31) පෙරවරුවේ සොයාගෙන ඇති අතර අතුරු දහන් අනෙක් සිසුවාගේ සිරුර සොයා විමර්ෂණ ක්රියාත්මකය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

