කෙත්හේන ජල පවිත්රාගාරයට විදුලිය සැපයෙන රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ පැය 10 හමාරක කාලයක් කළුතර සහ අවට ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත්තේ හෙට උදෑසන 08.30 සිට රාත්රී 07.00 දක්වායි.
උතුරු කළුතර, දකුණු කළුතර, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කටුකුරුන්ද, නාගොඩ, බෝම්ඹුවල සහ පිලමිනාවත්ත යන ප්රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම දර්ගා නගරය, මොරගල්ල සහ බෙන්තොට යන ප්රදේශවලට ද අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.