කහවත්ත, පලන්සූරියගම, හල්ලිඳ ප්‍රදේශයේ දී 22 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් හෝඩුවාවන් කිපයක් ඔස්සේ රත්නපුර ව්ශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පරික්ෂණ ආරම්භ කර තිබේ.
ඝාතනය සඳහා අව්ගත් කිහිප දෙනෙකු පැමිණි ජිප් රථය ගැන ලද තොරතුරු අනුව අද (03දා) කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද ඝාතනය සඳහා පැමිණි වාහනයේ අංක තහඩු වෙනස් කර ඇතැයි සැක මතුව ඇති බව ද පොලීසිය පවසයි.ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාති කාන්තාවකගෙන් පොලීසිය ප්‍රශ්න කළ අතර. ඝාතනය සඳහා ඇයට චෝදනා නොමති වුවත් තොරතුරු ලබාගැනීමට ඇයගෙන් ප්‍රකාශ ලබා ගන්නා අතර ඇයගේ ආරක්ෂාවද සලකා රඳවා ගෙන ඇතැයි කහවත්ත පොලීසියේ නිලධාරියෙක් පැවසීය.
කගවත්ත, පලන්සූරියගම ප්‍රදේශයේ පදිංචි පහළගම විතානලාගේ ඉමන්ත සුරන්ජන (22) තරුණයා ඉකුත් 30දා රාත්‍රී කහවත්ත ඇන්දාන මාර්ගයේ දලුග්ගල දි වෙඩ් තබා ඝාතනය කර තිබිණ .තරුණයාගේ දේහය පෙරේදා(02 දා) අලුයම කහවත්ත, පලන්සූරියගම, හල්ලිඳ ප්‍රදේශයේ පිහිට් ඔහුගේ නිවසේ තැන්පත් කරනු ලැබූ අතර අවසන් කටයුතු අද (03 දා) සිදු කිරිමට නියමිතව තිබිණ .
මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලව් ඇති ,ව්දේශගතව සිටින පුද්ගලයෙකුගේ නිවෙසකට පොලිස් ආරක්ෂාව ලබාදි තිබේ.මෙම ඝාතනය ව්දේශගත පුද්ගලයෙකු ලබා දුන් කොන්ත්‍රාත්තුවක් අනුව සිදු කරන ලද බවට සැක මතුව් ඇතැයි ද ඒ අනුව හෝඩුවාවන් කිපයක් ඔස්සේ පරික්ෂණ සිදු කරන බවද පොලීසිය පවසයි.
මේ වන විට ව්දේශගතව සිටින පුද්ගලයා මීගොඩ ප්‍රදේශයේ පදිංවි කරුවෙකු වන බවත් ඔහු කහවත්ත පලන්සූරියගම, ප්‍රදේශයේ කාන්තාවක් විවාහ කරගැනීමෙන් පසු කහවත්තට පැමිණ ඇතැයිද පොලීසිය පවසයි.මෙම ඝාතනයට පෙර වට්සැප්, දුරකථන ඇමතුම්වලින් පලන්සූරියගම ප්‍රදේශයේ පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කරන බවට මරණීය තර්ජන සිදු කර ඇතැයිද ගම්වාසීන් පිරිසක් පරීක්ෂණ සඳහා පැමිණි රත්නපුර ව්ශේෂ පොලිස් ඒකකවල නිලධාරීන්ට සඳහන් කර තිබේ .
මෙම ඝාතනය මත් කුඩු සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු ලබාදීම නිසා සිදුවුවක් නොවෙන බවද ඝාතනය කෙරුණු තරුණයා හෝ ඔහුගේ පවුලේ අය මත්ද්‍රව්‍ය ජාවරම් ගැන කහවත්ත පොලීසියට තොරතුරු හෝ මත්ද්‍රව්‍ය ජාවරම් නැවත්වීම ගැන ඉල්ලීම් කර නැතැයි ද පොලීසිය පවසයි.තරුණයාගේ පවුලේ අය මාධ්‍ය හරහා චෝදනා කරන පරිදි කහවත්ත පොලීසිය මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ආරක්ෂා නොකරන බවත් තරුණයා පදිංවි ප්‍රදේශයේම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ද දැනට සතියකට පෙර කහවත්ත ප්‍රදේශයේදී තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලීසියේ අපරාධ ව්මර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසීය.
ඝාතනයට ලක්වූ තරුණයා සහ ඔහුගේ පවුලේ අයත් චෝදනාවට ලක්ව ඇති විදේශ ගතව සිටින අයත් ඥාතින් බවද පොලීසිය පවසයි.මියගිය තරුණයාගේ ලොකු අම්මාගේ දුව විවාහවි සිටින්නේ ව්දේශගතව සිටින අය සමගයි.ඔහු මිගොඩ අම්ල ලෙස හඳුන්වන අයෙකු බව පොලීසිය පවසයි.
ව්දේශගත පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ සමග මියගිය තරුණයාත් එම පවුලේ අයත් අතර පවුල් ආරවුල් තිබූ බවද පොලීසිය පවසයි.ඝාතනය කෙරුණ තරුණයාගේ දෙමාපියන් සහ සොහොයුරා සඳහන් කළේ මත්කුඩු ජාවාරමට විරුද්ධ වීම නිසා තමන් සමග විදේශගතව සිටින අය අමනාපයෙන් සිට් අතර දුරකථනයෙන් තර්ජනය ද කර ඇති බවයි.එවැනි තර්ජනය කිරිමක් ගැන කිසිදු පැමිණිල්ලක් ලැබි නොතිබූ බව කහවත්ත පොලීසිය පවසයි.
රත්නපුර- ලසන්ත නිරෝෂණ පෙරේරා