කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ දි පුද්ගලයින් සිවුදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර සැගවි සිටි පුද්ගලයින් සිවුදෙනෙකු පැල්මඩුල්ල පොලීසිය ව්සින් ඊයේ (02) අත්ඩංගුවට ගනු ලැබිය .
රත්නපුර සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර මහතා විසින් පැල්මඩුල්ල පොලීසියේ පොලිස් පරික්ෂක සම්පත් අබේවික්‍රම මහතා ට ලබාදුන් නියෝගය අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කහවත්ත පොලීසිය වෙත වැඩිදුර පරික්ෂණ සදහා භාරදී තිබේ .
උඩවලව ප්‍රදේශයේ කෙසෙල්වත්තක සැකකරුවන් තිදෙනෙකු සැගවි සිටි බවද අනෙක් සැකකරු කොළඹ ප්‍රදේශයේ සිටි බවද පොලීසිය පවසයි .
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තුවාලකරුවන්ගේ නෑදෑයින් උද්ඝෝෂණය කිරිමටද සුදානම් වු අතර පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් එම නෑදෑයින් වෙත දැනුම් දුන්නේ කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන බවයි.
සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. මෙම සැකකරුවන් කහවත්ත පොලීසිය ව්සින් අත් අඩංගුවට නොගන්නා බවට තුවාලකරුවන්ගේ නෑදෑයින් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දන්වා තිබුණි .
කහවත්ත පොලීසිය විසින් ද සැකකරුවන් දෙනෙකු මීට පෙර අත් අඩංගුවට ගෙන තිබේ .
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම