මහනුවර ධර්මරාජ විදුහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටි පිය පුතු දෙදෙනකු මහනුවර පාතහේවහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වරයා විසින් පදවන ලද රථයකට යට වී මියගොස් ඇති බව පොලීසිය කියයි .
එම පියපුතු දෙදෙන ඊයේ (16) රාත්‍රී 8.00 පමණ එම පදික මාරුවෙන් ගමන් කරමින් සිටියදී එසේ අනතුරට ලක්ව තිබේ .
එසේ මියගොස් මහනුවර පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචිව කරුවෙකු වන චන්දික සම්පත් රොද්‍රිගෝ (42) සහ මහනුවර ඩී එස් සේනානායක විදුහලේ අධ්‍යාපනය හදාරමින් සිටි ඔහුගේ පුත් විමන්ත රොද්‍රිගෝ (10) යන අයයි .
සැකකරු සහ ඔහු පැදවූ රථය මහනුවර මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝට්ටේගොඩ මහතා වැඩිදුර විමර්ශන සිදු කරයි .
ෂේන් සෙනෙවිරත්න