කසිප්පු මුදලාලිගෙන් අල්ලස් ගත් පොලිසියේ තිදෙනෙකුට වැඩ වරදියි
රුපියල් හය දහසක අල්ලස් මුදලක් කසිප්පු මුදලාලි කෙනෙකුගෙන් ලබා ගත්තේ යයි කියන බෙන්තොට පොලීසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඊයේ (17) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ බෙන්තොට පොලීසියේ සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල් ජීප් රථ රියදුරෙක් බවද පොලීසිය කියයි.
අල්ලස් මුදල ලබාදුන් පුද්ගලයා තමන් අල්ලස් මුදල ලබාදෙන් අයුරු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පලිස්කාර මහතාට යොමු කිරීමෙන් අනතුරුව ඒ මහතා විසින් කොස්ගොඩ පොලීසියට කරන ලද දැනුම්දීමකට අනුව කොස්ගොඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා අද(18) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
