කසළ තේ කිලෝ 3000 කට ආසන්න ප්රමාණයක් ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෝ දෙදෙනෙකු පෙරේදා (19දා) වෙලම්බොඩ, බඹරදෙණිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව වේලම්බොඩ පොලීසිය පවසයි.
සැකකරුවන් විසින් ඉන්දියන් කළු තේ ලෙස ඇසුරුම් කර තිබූ මෙම තේ තොගය අපනයනය කිරීමට කොළඹට ප්රවාහනය කරමින් තිබූ බව පොලීසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් සමග කසළ තේ තොගය ඊයේ (20දා) ගම්පොළ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
වේලම්බොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මංජුල සේනාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන බුද්ධික, නුවන් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබිණි.
ගම්පොළ - සුරංග දිල්හාන්