www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
අපනයනයට සූදානම් කර තිබූ කසළ තේ කන්ටේනර් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් අද (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
කිලෝග්‍රෑම් තිස්හත් දහස් පන්සියයකට අධික ප්‍රමාණයකින් යුත් මෙම කසළ තේ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිස්පහ ඉක්මවන බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ඉරාකයට යැවීමට මෙම කසළ තේ තොගය කන්ටේනර් තුළ සකස් කර තිබූ බවත්, ලද බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කොහුබත් විදේශ රටවලට යවන බව රේගුවට ප්‍රකාශ කරමින් කසළ තේ තොගය ඉරාකයට යැවීමට සැලසුම් කර තිබූ බවත්, මේ හරහා ශ්‍රී ලංකා නාමයට විශාල හානියක් සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා/ වීඩියෝ - ඉන්දික හේවාවිතාරණ
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd