මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග හැටන්, කාසල්රී ජලාශය ඊයේ (17දා) රාත්‍රී සිට වාන් දැමීම ආරම්භ කළ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ජලාශයේ පිහිටි වාන් කවුලු 12 න්ම අඟල් 06 ක පමණ ජල ප්‍රමාණයක් පිටාර ගැලීම සිදු කෙරේ.
ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කාසල්රී ජලාශය මෙසේ වාන් දමන්නේ වසර 05 කට පමණ පසුව බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක