කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටි සැකකරුවන් සිවුදෙනෙකු නොර්වුඩ් පොලීසිය මගින් ඊයේ (14) දින රාත්රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොට්රි වතුයාය හරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින පොට්රි ඇළේ එල්බොඩ වත්ත ප්රදේශයෙන් එම වතුයායේ ක්ෂෙත්ර නිලධාරියෙකුගේ නිල නිවස අසල ඇළ මාර්ගයෙහි මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටින බවට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලීසියේ නිලධාරින් විසින් වැටලිම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඇළ මාර්ගයේ පතුලේ ඉල්ලම් ගොඩගැනිම සදහා විශේෂයෙන් සකස් කරන ලද උදැල්ලක් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් බවත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි නොර්වුඩ් පොලීසිය කියා සිටියේ .