කොටගල නගරයේ සිට ගම්පොල ප්‍රදේශයට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2300 ක තොඟයක් ඊයේ (15) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කසළ තේ කුඩු තොඟය සමග සැකරුවන් දෙදෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කසළ තේ කුඩු තොඟය රැගෙන ගොස් ගම්පොල ප්‍රදේශයේදී හොද තේ කුඩුවලට කවලම් කොට අලෙවි කිරීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
කලක පටන් මොවුන් මෙම ජාවාරමේ නිතරතව ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කසල තේ කුඩු තොඟය නීතිමය කටයුතු සිදු කොට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිඹුල- පතන පොලීසියට භාරදීමට පියවර ගත්බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. පී. ඒකනායක මහතා පැවැසීය.
තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. පී. ඒකනායක, පොලිස් පරීක්ෂක ප්‍රේමකුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීම සිදු කොට තිබිණි.
ශාන් හුලංනුගේ