රසායනික ද්‍රව්‍ය මුසු කොට පාට යොදා නැවැත අළෙවි කිරීම සඳහා සැකසීම පිණිස පුද්ගලික තේ කර්මාන්ත ශාලාවකට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2732 ක තොඟයක් ඊයේ (22) රාත්‍රීයේ පුඬළුඔය ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කසළ තේ කුඩු තොඟය සමග සැකරුවන් දෙදෙනෙකු හා ඒවා ප්‍රවාහන කරමින් තිබු ලොරි රථයක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කසළ තේ කුඩු තොඟය ආගරපතන, බෝපත්තලාව ප්‍රදේශයේ සිට ගම්පොල නගරයට රැගෙන යාම සදහා බලපත්‍ර සකස් කොට තිබුණද ඒවා නීති විරෝධි ලෙස මෙසේ අතරමගදී පුද්ගලික තේ කර්මාන්ත ශාලාවකට රැගෙන ගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
කලක පටන් මොවුන් මෙම ජාවාරමේ නිතරතව ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ලොරි රථය හා කසල තේ කුඩු තොඟය නීතිමය කටයුතු සිදු කොට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පුඬළුඔය පොලීසියට භාරදීමට පියවර ගත්බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
ශාන් හුලංනුගේ