තම අමාත්‍යාංශ යටතේ පවතින ආයතන 19 අතරින් වැඩි ප්‍රමාණයක් පාඩු ලබන ඒවා බවත් පාඩු ලබන තත්ත්වයේ තිබුණද කිසිදු අවස්ථාවක විදුලිය හෝ ප්‍රවාහන ගාස්තු වැඩි කිරිමේ අදහසක් නොමැති බව ප්‍රවාහන කලමණාකරණ, විදුලි බල හා බල ශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීමෙන් පසු අද (15) ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඇමතිවරයා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද අමරවීර මහතා ,
විදුලි බල මණ්ඩලය එක් විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 23.00 ක මුදලක් වැය කරන අතර අඩු අදායම්ලාභීන් ගෙන් මෙම එක් විදුලි ඒකකයක් වෙනුවෙන් අය කරනු ලබන්නේ රුපියල් 2.60 කට වන බවත් සමස්තයක් ලෙස මෙම ඒකකයක් වෙනුවෙන් මණ්ඩලයට ලැබෙන්නේ රුපියල් 16.00 ක මුදලක් බවද මෙහිදි සඳහන් කළේය.
මේ අකාරයට සාධාරණ හේතුමත පාඩු ලබන ආයතන තිබෙන බවත් මෙයට අමතරව නාස්තිය,වංචාව,දූෂණය,නිසි වේලාවට විදුලි බලාගාර ඇති නොකිරීම වැනි කාරණා මතද ආයතන පාඩු ලබන බවත් ඔහු පැවසුවේය.
විදුලි බල මණ්ඩලය, ලංගම, ඛනිජ තෙල් සංස්ථාව හා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ඇතිව තිබෙන වංචා දූෂණ සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදුකර සියලු තොරතුරු හෙළදරවු කර ඒ සම්බන්ධයෙන් වැරදි කරුවන් වන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. සාධාරණ හේතු නොමැතිව රාජ්‍ය ආයතන පාඩු ලැබීමට දේශපාලනඥයින් මෙන්ම නිලධාරීන්ද වගකිව යුතුයි.
පාඩු ලබන ආයතන ඇති අමාත්‍යාංශ කිහිපයක්ම තමන් ලාභ ලබන තත්ත්වයට පත් කර බවත් පාඩු ලබමින් තිබූ ධීවර අමාත්‍යාංශයයි ඉන් එකක් බවත් ඔහු පැවසීය. එය තමන් ලබා ගැනීමෙන් පසු ලාභ උපයන මට්ටමට පත්කර ස්ථිර ගිණුමක්ද ඇති කළ බවද ඔහු සඳහන් කළේය. අද එය විනාශ වි තිබෙනවා. අමාත්‍යාංශයේ ඇමැතිවරයා ඇතුළු ඉහළ පිරිස් වංචා දූෂණ කරන්නේ නම් පහළ සිටින අයද එයම සිදු කරන බවත් අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වංචාවෙන්,දූෂණයෙන්,සොරකමෙන් තොර රටක් ගොඩනැගීමට ගන්නා වෑයමට සියලු සහය ලබා දෙන බවද ඒ මහතා එහිදි පැවසීය.
මේ අවස්ථාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රසාදය පවතින බවත් මේ නිසා කොන්දේසි විරහිතව එතුමාට අවශ්‍ය සහය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ප්‍රවාහනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ත්‍රිරෝද රථ සම්බන්ධයෙන්ද එම ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කරන්න බලාපොරොත්තු වන බවද සඳහන්ය.
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රීලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ කරන බවත් සලකුණ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බවත් කී ඒ මහතා කුමන හේතුවකින්වත් පක්ෂ දෙක අතර පවත්නා සමඟිය කඩා වැටීමට ඉඩක් නොතබන බවද පැවසුවේය.