කිසිඳු ඉන්ධන හිඟයක් මේ වන තෙක් පැන නැගී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, රටට අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රමාණවත්ව පවතින බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද( 14) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මෙරටට අවශ්‍ය ඉන්ධන හිඟයක් ඇත්දැයි මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු සපයමින් ඒ මහතා මේ බව පැවසීය.
ඉන්ධන සංචිතවල යම් අඩුවීමක් සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පිරිවැය දරා ඉන්ධන ගෙන්වීමට රජය සූදානමින් සිටින බවත්, ඒ පිළිබඳව සැකයක් තබාගතයුතු නොමැති බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.