න්නිපිටියේදී අනතුරක් සිදුකළ ලොරි රථයේ රියදුරුට පොලිස් කොස්තාපල්වරයෙක් අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේාජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට විශේෂ උපදෙස් ලබා දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර අණාවරණය වන කරුණු මත විනය හා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහුට විරුද්ධව පොලිස් විනය සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.