සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනෙකු ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .
එම පිරිස අතර ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක , කොස්ගොඩ තාරක ගේ සහෝදරයා වන මධුක නිර්මාල් පෙරේරා,ඩබ්ලිව් එම් පී පි බණ්ඩාර හා මොහොමඩ් ඉබ්බ්‍රාඉම් යන පුද්ගලයන් බව උසස් පොලිස් නිලධාරියා කීය .
අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනා අංක 43 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය
මෙම අපරාධ කල්ලි සාමාජිකයන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග රඳවා සිටි අයවලුන් බවත් එම පුද්ගලයන් ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ